මඩකලපුව දුම්රිය නවත්වමින් ජනතාව විරෝධයේ


මඩකලපුව, කොකුවිල් පොලිස් වසමේ ත්‍රායිමඩු ස්විස් ගම්මානය ප්‍රදේශයේදී ඊයේ සවස දුම්රිය මාර්ගයේ ගමන් කිරම අවහිර කිරීමට විරෝධය පළ කරමින් මහජනතාව කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රිය නතර කරමින්  පැය 3ක කාලයක්  උද්ඝෝෂණයේ යෙදුනි.

2004 වසරේ මඩකලපුව නාවලඩි ප්‍රදේශයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාව පදිංචි කළේ ස්විස් ත්‍රායිමඩු නමැති ගම්මානයේය. මෙම ගම්මානයේ සිට මඩකලපුව ඌරනි හන්දිය දක්වා දිවෙන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය හරහා ජනතාව ගමන් කරයි.

මෙම තත්ත්වය තුළ පස්වරු 2.30 ට දුම්රිය හරස් මාර්ගය දුම්රිය ස්ථානය හරහා ගමන් කරන ස්විස් ගම්මානයට යන ප්‍රධාන මාර්ගය අසලින් දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය මාර්ගය අවහිර කර තිබුණි මෙම ක්‍රියාවට  විරෝධය පාමින්  මහා ජනතාව  අද උදෑසන  6 ට කොළඹ සිට මඩකලපුව  මඩකලපුව  දක්වා ධාවනය් වන දුම්රිය හරස් කරමින් ජනතාව බිම වැතිර විරෝධතාවයේ නිරත විය.

මෙම කාලය තුළ දුම්රිය මාර්ගය ඉදිරිපිට පිහිටි පාසල, රෝහල සහ නගරය අවට කිලෝමීටර් 4ක පමණ දුරක් යා යුතු අතර එම මාර්ගය යළි භාවිතයට යෝග්‍ය ලෙස සකස් නොකළ හොත්  විරෝධය අත්නොහරින බවට පවසා  ජනතාව විරෝධය පළ කළ අතර  ඔවුන් දුම්රියට යාමට ඉඩ නොදෙනු බව පැවසිය

ඉන් අනතුරුව ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර කොකුවිල් පොලිස් ස්ථානය භාර නිලධාරිවරයා දුම්රිය ස්ථානාධිපතිවරුන් සමඟ සාකච්ඡා කර මාර්ගය ප්‍රතිසංස්කරණය කර අවහිරතාව ඉවත් කරන බවට ජනතාවට සහතික විය. පය 3ක කාලයකට පසු  නැවත දුම්රිය ධාවනය වීමට  ජනතාව  විසින් ඉඩ සලසන ලදී.

මඩකලපුව සමුහ වාර්තාකරු  ටී එල් ජව්ෆර් ඛාන්



Recommended Articles