ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන 11ක් සඳහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපතිගේ සංකල්පයක් මත 2016 වසරේ ආරම්භ කෙරුණු බෞද්ධ පුනරුද අරමුදල යටතේ දිවයින පුරා අඩු පහසුකම් සහිත විහාරස්ථාන විශාල ප්‍රමාණයක සංවර්ධන කටයුතු මේ වන විට සිදුකර තිබෙන අතර ජනාධිපතිගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහාය සහ ශ්‍රම දායකත්වය එම කටයුතු සඳහා ලබාගැනීම සිදු වෙයි.
ඉඩම් පිළිබඳ ගැටලු ඇති විහාරස්ථාන සඳහා පූජා ඔප්පු පිරිනැමීමෙන් එම ගැටලු නිරවුල් කිරීමට ද ජනාධිපතිගේ මැදිහත්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.