COVID-19 ගෝලිය වංසංගතවක් බවට පත් වි ඇති අවස්ථාවක එයට මුහුණ දීමට අවශ්‍ය මුඛ ආවරණ නිපදවීම සඳහා පල්ලකැළේ බෝගම්බර බන්ධානාගාරයේ කාන්තා හා පිරිම නේවාසික රැදවියන් ඉදිරිපත් වී ඇත.
ඔවුන් විසින් නිම කරණ ලද මුහුණු ආවරණ 10 000 ක් මුලික වටයේදි තම ජිවිතය අවදානමට ලක් කරමින් මෙම රෝගය වැලැක්විම සදහා ප්‍රථිකාර කරනු ලබන වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයන්ට හා නේවාසික රෝගීන්ට ලබා දිමට කටයුතු කරන ලබන අතර ඒ සඳහො මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ සමන් රත්නායක මහතාගේ සම්බින්ධිකරණයෙන් කටයුතු කරනු ලබයි.
බන්ධනාගාර රැඳවියන් විසින් නිපදවනු ලබන මුහුණු ආවරණ බෝගම්බර බන්ධානාගාරයේ අනුබද්ද සිරමදිරි වන ගම්පොළ, මාතලේ, හැටන් යන සිර මැදිරි වල සියලුම නිලධාරින් සඳහා මුහුණු ආවරණ 2500 ක් ලබා දිමද මූලික අරමුණක් වී තිබේ.
ඉන් අනතුරුව රටටම අවශ්‍ය හිඟ මුහුණු ආවරණ නිපදවිම සඳහා බන්ධානාගාරයේ රැදවියන් ඉතාම කැමත්තෙන් සිටින බවත් මේ සදහා බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් ටී.ජේ.ඩබ්ලිවු තෙන්නකෝන් මහතාගේ උපදේශකත්වයෙන් හා බෝගම්බර බන්ධානාගාරයේ ජේශ්ඨ අධිකාරී ආර්.එම්. සෙනරත් බංඩාර මහතාගේ මග පෙන්වීම යටතේ කටයුතු කරන බවත් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී සෙනරත් බණ්ඩාර මහතා පැවැසීය.
චමිල් රූපසිංහ