ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ වසර 30 ක පමණ කාලයක් රියැදුරෙකු ලෙස සේවය කළ පී.එම්. සමන් හේම කුමාර මහතා ඊයේ (28දා) තමා සේවය කළ බස් රථයට දණ ගසා වැඳ සේවයෙන් විශ්‍රම ගියේය.
සේවා කාලය තුල බලංගොඩ - රාස්සගල මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක පාසල් දරැවන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල රැකියාවලට යන අය මෙන්ම මගිි ජනතාව කලට වෙලාවට ආරක්ෂිතව ගමනාන්තය දක්වා ප්‍රවාහනය කිරිම නිසා ඔහු සියළු දෙනාගේම කිර්තියට පත්ව සිටියේ රැකියාවට එහා ගිය ජනතාවාදී සේවාවක් කල රැයැදුරෙකු නිසායි.
සමන් හේම කුමාර රියදුරු මහතා විසින් බස් රථයේ යතුරු බලංගොඩ ඩිපෝවේ කළමනාකාර ධර්මප්‍රිය හරිචන්ද්‍ර මහතා වෙත භාර දුන්නේය.
ඔහුගේ වැඩිමහල් පුතනුවන්ද දැනට වසර කිහිපයක සිට බලංගොඩ ඩිපෝවේ රියැදුරෙකු ලෙස සේවය කරන අතර පියා සේවය කල බස් රථය ඔහුගේ පුතාට සේවය කිරිම සදහා භාර දිිමට ඩිපෝවේ කළමනාකාරු ධර්මප්‍රිය හරිචන්ද්‍ර මහතා කටයුතු කළේය.
රාස්සගල සම්පත්