බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රියක් අද (9) දහවල් හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලීපැනිමට ලක් විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දුම්රියේ මැදිරි හතරක් මෙසේ පීලිපැනීමට ලක්වූ බවත්, මින් දුම්රිය මාර්ගයටද සුලු අලාභහානි වී ඇතැයි දුම්රිය බළධාරීන් කීහ .
දුම්රියේ පැමිණි මගින් දුම්රිෙයන් බැස හාලිඇල දුම්රිය ස්ථානය දක්වා පාගමනින් ගියහ .මේනිසා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩිමැණිකේ ,උඩරට මැණිකේ දුම්රියන් මෙන්ම මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රිය හාලිඇල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවීමට කටයුතු කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය .
පිලීපැනිමට ලක් වූ දුම්රිය යලි පීලිගත කිරීම සදහා බදුල්ල දුම්රිය ස්ථානයෙන් අදාළ සේවක කණ්ඩායම් රැගෙන විශේෂ ආපදා දුම්රියක් අදාළ ස්ථානයට ලගාවී එම දුම්රිය පිලීගත කිරිමේ කටයුතු පස්වරුව වනවිට ආරම්භ කළ බවද උසස් නිළධාරියකු පැවසීය .
දැනට ප්රදේශයේ පවතින වර්ෂාව එම කටයුතු වලට බාධාවක් බවත් , බදුල්ල සිට කොළඹ බලා අද (9) ධාවනය වීමට නියමිතව ඇති රාත්රි තැපැල් දුම්රිය ප්රමාද වී ධාවනය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළහ.
ඇල්ල ප්රසාද් රුක්මල්