බංග්ලාදේශයේ ෂහිදුල් නිදහස් කර ගන්න ලංකාවේ නිහඬ විරෝධයක්


බංග්ලාදේශ රජය විවේචනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ආචාර්ය  ෂහිදුල් අලාම් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද නිහඩ විරෝධතාවක් පැවැත්විය.

ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් සංවිධානය විසින් මෙම නිහඩ විරෝධතාව සංවිධානය කර තිබූ අතර පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් සංදේශයක්ද භාරදීමට කටයුතු කළේය.

අල්ජසීරා පුවත් සේවය හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු බංග්ලාදේශ රජය විවේචනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙසේ අත්අඩගුවට පත්විය.

ඡායාරූප ශිල්පියෙක් මෙන්ම මාධ්‍යවේදියෙක්ද වන අලාම් බංග්ලාදේශ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් සිය මාධ්‍ය ජීවිතය තුළ අරගල කළ පුද්ගලයෙකි.

එසේම ඔහු ශ්‍රි ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සම්බන්ධයෙන් ඡායාරූප ලබාගැනීමට කටයුතු කර තිබුණි.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles