තංගල්ලේ සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (30දා) අලුයම වව්නියාව ඉරට්ටපෙරියකුලම කුරුඳුපිටිය ප්‍රදේශයේදී පෙරලී යාමෙන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරට්ටපෙරියකුලම් පොලීසිය පවසයි.
යාපනය මහනුවර ප්‍රධාන මාර්ගයේ ඉරට්ටපෙරියකුලම් කුරුඳුපිටය ප්‍රදේශයේදී බස් රථය පෙරළී ගොස් ඇති අතර බස් රථයේ අධික වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළි යන්නට ඉඩ ඇති බව පොලීසිය සැක පළ කරයි.
අනතුරින් තුවාල ලැබූ 10 දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර එම පිරිස් වවුනියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බරපතල තත්වයේ සිටි දෙදෙනෙකුගෙන් එක් අයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතට මාරුකොට යවා ඇත.
අනතුරින් බස් රථයටද බරපතල හානි සිදුව ඇති අතර රියදුරු මේ වන විට පොලිස් භාරයේ සිටින බවටද පරික්ෂණ සිදු කරන ඉරට්ටපෙරියකුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.