පොලිස් නිලධාරීන්ට හා ආබාධිත පොලිස් නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් හා දීමනා ගැටලු විසඳන ලෙස ඉල්ලා ශ්රී ලංකා පොලිස් ඥාති සංසදය අද (21දා) කොටුව දුම්රියපොල ඉදිරිපිටදී නිහඬ සත්යග්රහයක නිරත විය.
ගැටලු විසඳා ගැනීමට අඛණ්ඩ සත්යග්රහයක් ආරම්භ කිරීමට සැලසුම් කළත් මැතිවරණයක් ප්රකාශයට පත් වී තිබෙන නිසා සත්යග්රහය සිදුනොකරන ලෙසට ඉහළ පොලිස් නිලධාරීන් ඉල්ලා සිටි බවද ශ්රී ලංකා පොලිස් ඥාති සංසදයේ ලේකම් වෙදගේ ප්රසාද් මහතා සඳහන් කළේය.
මේ නිසා බැනර් ප්රදර්ශනය කරමින් නිහඬ සත්යග්රහය පවත්වා පවතින ගැටලු පිළිබඳව හෙට (22දා) මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව ලබාදීමේදී දින හතරක් (04ක්) කපා දමා තිබෙන බවත්, මීට අමතරව දිස්ත්රික් මැතිවරණ පැමිණිලි කාර්යාලවල සේවය කරන නිලධාරීන්ට ආහාර ඇතුළු වෙනත් කටයුතු සඳහා දීමනා නොලැබෙන බවත්, නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට යාමේදී ආබාධිත වූ පොලිස් නිලධාරීන්ට ජීවත්වීමට හැකි විශ්රාම වැටුපක් හෝ දීමනාවක් නොලැබෙන බවත් ප්රසාද් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.