අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල මහවැලි ජලාශයේ ජලය ඊයේ (11) රාත්‍රී 11.00 සිට මුළුමනින්ම හිස් කිරීමට කටයුතු කරන ලදි.
පොල්ගොල්ල ජලාශය වාර්ෂික නඩත්තු වැඩසටහන යටතේ මෙසේ ජලය හිස්කිරිම සිදු කර ඇති අතර වාර්ෂිකව සිදුකළ යුතු නිරික්ෂණ හා නඩත්තු කටයුතු මෙමගින් අද 12 පානදර සිට 13 දින දක්වා සිදු කිරිමට අපේක්ෂා කරයි. ඉන් අනතුරුව ජලාශය පිරවීම සිදු කරන බව කාර්ය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.
මෙසේ හිස්කරන ලද පොල්ගොල්ල ජලාශය නැරඹීම සඳහා විශාල පිරිස් පැමිණ සිටින අතර හිස් වූ ජලාශයේ මත්ස්‍යයින් ඇල්ලීම සඳහා ද සමහර පිරිස් කටයුතු කරති.
ප්‍රදීප්