මහවැසි හා ජල ගැලීම් හේතුවෙන් ගෙවුණ පැය 24 ක කාලය තුළදී පවුල් 1200 කට අධික සංඛ්‍යාවක පුද්ගලයන් 5000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
27 දින දහවල් සිට 28 දින අලුයම දක්වා පැවැත මහ වැසි හේතුවෙන් මෙසේ ජනතාව පීඩාවට පත්ව තිබේ. වර්ෂාවත් සමග වැව් කිහිපයක්ද වාන් දැමීමට පටන් ගෙන තිබේ.
ලැබෙන තොරතුරු පදනම් කරගනිමින් ජනතාවට සහන සැලසිම මේ වනවිට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන්. චිත්‍රානන්ද මහතාගේ උපදෙස් මත විශේෂ වැඩසටහන් ආරම්භ කර තිබේ.
සටහන ජායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ