මාස ගණනාවකට පසු නුවරඑලියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑලියට පැමිණි ලාෆ් ගෑස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගෑස් මිල දි ගැනිමට නුවරඑලිය ප්රදේශයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන් අද (23දා) පියවර ගැනිණි.
කිලෝ 12.5 සහ කිලෝ 5 ගෘහස්ථ ගෑස් සමාගමේ ලොරි රථයෙන් නුවරඑලියට ප්රවාහනය කල අතර , එම ලොරි රථය නුවරඑලිය නගරයට ආසන්නයේ ගාල් කර තිබියදි ලාෆ් ගෑස් පාරිභෝගිකයන් එම ස්ථානයට පැමිණ ලොරි රථයේ සිටි සේවකයන්ට මුදල් ලබා දි ගෑස් ලබාගෙන යන අයුරු අප කැමරාවේ සටහන් විය.
ලාෆ් ගෑස් සමාගම විසින් කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රු 4278 ටත්,කිලෝ 5 කුඩා ගෑස් සිලින්ඩරයක් රු 1720 මිලකටත් අලෙවි කෙරිණි.
ලාෆ් ගෑස් පාරිභෝගිකයන් කියා සිටින්නේ ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් වෙත තොග නිකුත් කිරිමෙන් පසු ඔවුන් ගැස් වැඩි මිලට අලෙවි කරන නිසා තමන් සමාගමේ ලොරි රථයෙන්ම ගෑස් මිල දි ගැනිමට පියවර ගත් බවයි.
ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට සාධාරණ ලෙස ගැස් ලබාදිමට පියවර ගත් නුවරඑලිය පොලිසියේ නිලධාරින්ට සහ සමාගමේ ලොරි රථයේ සේවකයන්ට ගම්වාසින් විසින් කොළ කැඳ සංග්රහයක්ද එම ස්ථානයේදි සිදු කෙරිණ.