ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ගමන සංකේතවත් කරමින් කොළඹ සිට අඹේපුස්ස දක්වා වාෂ්ප දුම්රියක් යෙදවීමට සැලසුම් කොට ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර (25)මහතා පැවසීය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් මෙම දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ඒමහතා පැවසීය.
මෙම වාෂ්ප එන්ජින් දුම්රිය ධාවනයේ දී පැරණි දුම්රිය ගමනේදි එම මගින් අත්විඳි දුම්රිය සම්ප්රදාය රස විඳීමට හැකිවන අයුරින් සියලු කටයුතු සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
මේ සඳහා අවශ්‍ය වන්නාවූ දුම්රිය ලී මැදිරි කීපයක නිමවීම මේ වන විටත් රත්මලාන දුම්රිය අංගනයේ සිදුකෙරෙන බව සඳහන් කරන එ් මහතාමේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවන තත්ත්වයේ යෙදවිය හැකි වාෂ්ප එන්ජින් තුනක් තියෙන බව සඳහන් කරන ඒ මහතා එම එක එන්ජිමකට ලී මැදිරි හතරක්සවි කොට ගනිමින් මෙම සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙම සේවාව පැරණි ආණ්ඩුකාරවරයෙකු ගේ නාමයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ දිනවල රත්මලාන දුම්රිය වැඩ බිමේ නිමවෙන ලී මැදිරි පිළිඹඳව අප සොයා බැලු අතර එම මැදිරි නිමවීම අධිකාරි ඉංජිනේරු (ව්‍යාපෘති) සංවර්ධන ජී.ඒ ක්‍රිෂන්ත මහතාගේ මෙහෙයවීමෙන් රත්මලාන වැඩ බිමේ සේවක මහත්වරුන්ගේ දායකත්වවයෙන් සිදු කෙරෙයි.
මේ සඳහා තේක්ක සහ මහෝගනී ලී විශේෂ භාවිතා කර ඇති අතර විශේෂිත වූ කැටයම් ක්‍රම ද නිර්මාණය කොට තිබීම විශේෂත්වයකි.
එක් මැදිරියක් දිග අඩි 45 ක් සහ පළල අඩි නවයක් වන ලෙස නිර්මාණය කොට ඇති අතර මගින් 24 දෙනෙකුට සුඛෝපභෝගී ලෙස ද ඉතා පහසුවෙන් මෙම මැදිරි තුළ ගමන් කිරීමට හැකියාව පවතින බව එම මැදිරි නිමවන ක්‍රිෂන්ත මහතා පැවසීය.
රේඛා තරංගනී ෆොන්සේකා