පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසල කලක සිට අවිධිමත්ව කැළි කසළ බැහැර කිරීම හේතුවෙන් එහි සුන්දරත්වයට හානී වෙමින් තිබෙන අයුරු ඊයේ (25දා) ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
පොළොන්නරුවේ පැවති උත්සව කිහිපයකට සහභාගීවීමෙන් අනතුරුව එහි ගිය ජනාධිපතිවරයා උදෑසන සිය ශාරීරික සුවතාවල යෙදෙන අතරතුර අවිධිමත් ලෙස එම ස්ථානයට කසළ බැහැර කිරීම හේතුවෙන් කැළි කසළ ගොඩගැසී ඇති අන්දම දැක තිබේ.
අනතුරුව වහාම එම ස්ථානයට අදාළ සියලු නිලධාරීන් කැඳවා කැළි කසළ ගැටලුව විසඳිම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසත් එම ස්ථානය තුළ සුදුසු පරිදි කසළ බඳුන් සවි කිරීමට සහ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසටත් හෙතෙම උපදෙස් දී තිබේ.
ඓතිහාසික උරුමයක් වූ පරාක්‍රම සමුද්‍රයේ වටිනාකම ආරක්ෂා කර ගැනීම මෙන්ම ජනතාවට නිදහසේ සහ සුවදායක පරිසරයක් තුළ එහි අසිරිය විඳගැනීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.