කොළඹ වරායට ආසන්න මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිලිස්සුනු බහාලුම් හා සුන්බුන් ඉවත් කිරීමට අද (29දා) ගුවන් හමුදාවද එක්වූයේය.
එම අපද්‍රව්‍ය හේතුවෙන් මීගමුව ආශ්‍රිත වෙරළ තීරය දැඩි ලෙස අපවිත්‍ර වී තිබේ. මේ සඳහා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ 300කට ආසන්න ගුවන් භටයින් කණ්ඩායමක් එක්විය.