නෙවිල් රෝහල රජයට පවරා ගන්නයි බලකරයි


නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නැයි බලකරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ශාඛාව විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (13දා) දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

මෙම රෝහල රජයට පවරාගෙන සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන ලෙසත්, වැටුප් වැඩිකරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට ජනාධිපතිවරයා, අගමැතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු රජය  මීට පෙර ප්‍රකාශ කර තිබෙන බවත්, වසර දෙකක් තිස්සේ එම පොරොන්දුව ඉටුකර නොමැති බවත් ඔවුහු සඳහන් කළහ.

රජයෙන් නිසි විසඳුමක් නොලැබුණොත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වන බවද විරෝධතාකරුවෝ අවධාරණය කළහ.

ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles