නියං රකුසා උතුරත් ගිල ගනිි, 72,000ක් පීඩාවට


උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සිහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ සියලු පළාත්වලින් නියගය හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ උතුරු පළාත වන වන අතර ඉදිරියේදී වර්ෂාව නොලබෙන්නේ නම් මෙම විපතට පත් පිරිස් වේගයෙන්  ඉහළ යාමේ දැඩි අවධානමක් පවතින බවද ආපදා කළමනාකරන නිලධාරීන් පවසා සිටියි.

උතුරු පළාතේ පිහිටි වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රීක්කයන්ගේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කය වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 ක ජීවත් වන පවුල් 21,714 කට අයත් පුද්ගලයින් 69,113 දෙනෙකු විපතට පත්ව ඇති අතර මන්නාරම් දිස්ත්‍රීක්කයේ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 952කට අයත් පුද්ගලයින් 3244 දෙනෙකු විපතට පත්ව ඇති බවට එම දිස්ත්‍රීක්කයන්හි පිහිටි ආපදාකලමනාකරන මධ්‍යස්ථානයන් විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර උතුරු පලාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් එහි ජනතාව වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ පානීය ජල ගැටලුවකට වන අතර පානීය ජලය ලබා ගැනීම සඳහා මුලු දිනයේම වෙහෙසීමට සිදු වන බවටත් ඇතම් අවස්ථාවන්හි විශාල දුරක් ගොස් පානීය ජලය සෙවීමට සිදුව ඇතියිද එහි වැසියන් වැඩි දුරටත් කියා සිටිති.

පානීය ජලය අවශ්‍ය ජනතාව වෙතට ජල බවුසර මගින් ජලය ලබාදීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.



Recommended Articles