නැවතත් කාර්ය බහුල වන වූහාන්


කොවිඩ් 19 වයිරසය මුලින්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවර මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. මීට සති දෙකකට පමණ ඉහතදී වූහාන් නුවර අඟුළු දැමීම ඉවත් කිරිමට එහි පාලනාධිකාරිය කටයුතු කළේය.

ඒ අනුව වූහාන්හි දෛනික කටයුතු ක්‍රමයෙන් ඉහළ ගිය අතර මේ වන විට කාර්ය බහුල වේලාවන්වලදී නැවතත් වූහාන්හි මාර්ගයන් තුළ තරමක රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ වූහාන් නුවර වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.



Recommended Articles