නැට්ට කොටා වනජීවි භාරයට


මාතලේ, මඩවල, රජ්ජම්මන ආදී ප්‍රදේශ රැසක ජනජීවිතයට කාලයක් තිස්සේ  තර්ජන එල්ල කළ මීනිමරු වනඅලියා පෙරේදා (07දා) උදෑසන වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගනු ලැබීය.

මෙම මෙහෙයුම පිළිබඳවෙ අදහස් දැක් වූ වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ දින 04ක මෙහෙයුමෙන් මෙම වනඅලියා නිර්වින්දනය කොට අල්ලා ගත් බවයි.

එම ප්‍රදේශවල පදිංචිකරුවන් විසින්  'නැට්ට කොටා' නමින් හැඳින් වූ මෙම වනඅලියා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වගා බිම් රැසකට ද හානි කර තිබූ බවද ඔහු පවසා සිටියේය.

මෙසේ අල්ලා ගත් වනඅලියා රක්ෂිතයකට මුදාහැරීමට කටයුතු කරන බවද වනජීවී නිලධාරියා  වැඩිදුරටත් පවසා සිටියේය.

රත්තොට රුවන් ධනංජය/නාඋල ඉන්දික අරුණ කුමාර/ එම්. ඩබ්. සෝමරත්න



Recommended Articles