නාවලපිටිය ජලයෙන් යටවෙයි


මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇදහැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (13දා) දිනයේදීද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති විය.

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පොළේ සිට ගම්පොළ දෙසට මීටර් 500ක් පමණ මෙලෙස වැසි ජලයෙන් යට වී තිබූ අතර, වැසි ජලය නිසි ලෙස කානු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත.

සුළු වර්ෂාවකදී පවා නාවලපිටිය නගරය මෙලෙස ජලයෙන් යටවීම හේතුවෙන් එම නගරයට පිවිසෙන පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මුහුණදීමට සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් අප නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ, නාවලපිටිය නගරයේ ජලය බැස යාම සඳහා නගර සභාව මගින් ව්‍යපෘතියක් සකස් කර එම ඇස්තුමේන්තු මුදල රජය වෙත ඉදිරිපත් කර ඇති බවත්, එම ප්‍රතිපාදන ලැබුණු පසු නාවලපිටිය නගරයේ ජලය බැස යාමට ස්ථිර ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්ය.

 



Recommended Articles