නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින විවෘත කෙරිණි.
ඉතාමත් දර්ශණීය වටපිටාවකින් සමන්විත සුන්දර භූමි භාගයක රුපියල් මිලියන 450 ක මුදලක් වැය කොට ඉඳි කරන ලද නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය තුළ එකවර සිසුන් 2000 කට පමණ අධ්‍යයන කටයුතු සිදු කිරීමේ පහසුකම් සළසා තිබේ.
මේ අනුව තරුණ තරුණියන්ට සංචාරක හා සත්කාරක කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව, තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව, ඉංග්‍රීසී භාෂාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව ඇතුළු බොහෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙහි පාඨමාලාවන් හැදෑරීමේ ඉඩ ප්‍රස්ථාව හිමිවේ.