ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත් අතර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි ජනපතිවරයාට සුබ පැතීම පිණිස දහස් සංඛ්‍යාත ජනතාවක් ශ්‍රී දළදා මාලිගාවට අභියසට පැමිණි සිටියහ.
මහනුවර පුරපති කේසර සේනානායක මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරුප්පුව ඉදිරිපිටදී බුලත් හුරුල්ලක් දී ජනපතිවරයාව පිළිගනු ලැබුණු අතර අනතුරුව රතු පලසක් මතින් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සම්ප්‍රදානුකූලව ජනපතිවරයාව පිළිගෙන දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට කැඳවා ගෙන යනු ලැබිය.
දළදා මාලිගාව තුළ රැඳී සිටි ජනතාවගේ සාධුකාර මධ්‍යයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී දළදා මාලිගාව තුළට ප්‍රවිෂ්ඨවූ අතර එහිදි සතර මහ දේවාල බස්නායක නිලමේවරු හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු ඒ මහතාව පිළිගත්තේය.
දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු දළදා මැඳුරෙන් පිටතට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු පිළිගැනීම සඳහා රැස්කකා බලා සිටි ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සුහඳ පිළිසඳරකද නිරත වුහ.