පසුගිය යල කන්නයේ දේශීය ලොකු ළුණු වගාකර තම අස්වැන්නට නිසි මිලක් නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව පොළොන්නරුව ඇලහැර ගොවිජනපදයේ ලොකු ලූනු ගොවීන් සඳහන් කරති.
යල කන්නයේ අක්කර 150 කට ආසන්න ප්‍රමාණයක ලොකු ලූනු වගා සිදුකර තිබෙන අතර ඇළ හැර ගොවි ව්‍යාපාරයේ සරු බිම, නිකපිටිය, ඉකිරිවැව, බටුහේන, ගඟේයාය, යන ගම්මානවල දේශීය ලොකු ලුණු ගොවීන් මෙලෙස පීඩාවට පත්ව තිබේ,
ඇළහැර ගොවි ජනපදයේ සියයට හැත්තෑවක් පමණ ගොවීන් කෘෂිකර්මාන්තය ජීවනෝපායක් කරගෙන තිබෙන අතර, ඉන් ලොකු ලූනු ගොවීන් සියයට තිස්පහක් පමණ ජීවන වෘත්තිය ලෙස කරගෙන ඇත්තේ ලොකු ලූණු වගාව වන අතර මෙවර පවතින මිල ගණන් අනුව තමන්ට දැඩි අලාභ සිදුවන බවද එම ගොවීන් සඳහන් කරති.
ගොවීන් කියා සිටින්නේ රටේ පවතින ආර්ථික තත්ත්වය සමඟ වගාව කිරීමේදී තෙල් පොහොර මිල දැරිය නොහැකි මිලකින් ඉහළ ගොස් තිබීමත්, සෑම කන්නකම අස්වනු නෙලීමේදී ලොකූ ලූනූ මිල පහළ යාමත් සමඟ සාධාරණ මිලක් නොලැබීමෙන් වියදම් වූ මුදලවත් සොයා ගැනීමට නොහැකි බවයි.
අස්වැන්නට ලබා දෙන මිල සම්බන්ධයෙන් ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ "රජය හැමදාම දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලන අවස්ථාවේ දේශීය ලොකු ලූනූ ඉතාමත් පහළ මිලකට මිලදී ගන්නා බවයි.
තොග වෙළෙඳුන් තම ලොකු ලුණු වගාවන් අසාධාරණ මිලකට ලබාගන්නා බවත්, තම ලොකු ලූනු කිලෝවකට සාධාරණ මුදලක් ලෙස රුපියල් 250 ක මුදලක්වත් ලබාදෙන ලෙසද ඇළහැර ගොවිජනපදයේ ලොකු ලූනු වගාකරුවන් රජයෙන් ඉල්ලා සිටිති.
මීට සතියකට පෙර වෙළඳපොලේ ලොකු ලුණු කිලෝවක් රුපියල් 280 කට අලෙවි වු බවත් මේ වනවිට එය රුපියල් 210 දක්වා පහළ බැසීම හේතුවෙන් තමන්ගේ අස්වැන්නට නිසි සාධාරණ මිලක් නොමැති බවද එම ගොවී වූ පවසති.
තමන්ගෙන් කුණු කොල්ලයට ලබාගන්නා ලොකු ලුණු කිලෝවක් දඹුල්ල වෙළඳපොලේ කිලොවල් රුපියල් 300, 320 ත් අතර
මීළකට තොග වෙළෙඳුන් අලෙවි කරන බවත්, සෑම යන මහ කන්නයකදිම ඇලහැර ගොවිජනපදයේ ලොකු ලූණු ගොවියන්ට නිසි මිලක් නොමැතිකම හේතුවෙන් දැඩි අසරණතාවයට පත්ව වන බවත්, ජනාධිපතිවරයාගේ අවධාන යොමු කරමින් තම ලොකුළුණු වගාවට සාධාරණ මිලක් නියම කරන ලෙසද ඇළහැර ගොවීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
මනම්පිටිය නිමල් ජයරත්න