දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සීබ්රා යුවලට දාව සීබ්රා ගැහැණු පැටවකු අලුත් අවුරුදු උදාවත් සමග ඉපිද ඇතැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
මෙම පැටවුන් ඉපිද තත්පර ගණනකින් සිට ගැනීමට උත්සාහ කළ හැකි ස්වභාවික ආරක්ෂක ක්‍රමවේදයන් යටතේ වනයේදී ඡීවිත ආරක්ෂාවට පිහිටා ඇතැයිද, මෙම පැටවාද ඉපිද සුළු වේලාවකින් සිට ගැනීමට උත්සාහ කරමින් සිය මවගෙන් කිරි උරාබොමින් සිටි බවත් , දැනට පැටවා සාමාන්‍ය ආහාර පවා මව සමගින් ලබා ගනිමින් එලි මහන් පිටියේ ඇවිදිමින් සුවයෙන් පසුවන බවත් සත්ව සහකාර පාලක පාලිත පෙරේරා මහතා පැවසීය.
මෙම සීබ්රා පැටවාද සමග ගැහැණු සතුන් 4 දෙනෙකුද , පිරිමි සතුන් 2 ක්ද සිටින බවත් සියලු දෙනා මහජන ප්‍රදර්ශනයට යොමුකර මව සමග එළි මහන් පීටයේ සැරි සරමින් හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසීය.
දෙහිවල එච් එම් ධර්මපාල