කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පස් කදු කඩා වැටීමෙන් මේ වනවිට පුද්ගලයන් 5 කු මිය ගොස් ඇති බව ආපදා කලමණාකරණ ඒකකය පවසයි.මාවනැල්ල ප්‍රාදේශීයලේකම් කොට්ථාෂවේ දෙවනගල කරහන්පිටිය ප්‍රදේශයේ අද (5) අලුයම නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ මව පියා ඇතුළු එකම පවුලේ 4 දෙනෙකු මිය ගොස් තිබෙයි. මේ වනවිට මිය ගිය අයගේ දේහයන් 2 ක් ගෙඩ ගෙන තිබෙයි.
වසන්ත රෝහණ
මෙලෙස මියගොස් ඇත්තේ අල්ගම මැදගම ප්‍රාදේශයේ පදිංචි බී.ඒ.අමරසූරිය නැමති (72) හැවිදිරි දෙදරු පියෙකි.
පසුගිය දෙදින තුළ වරකාපොල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙලෙස නායයාමට ලක්වූ නිවස පිටුපස තිබූ පස් කන්දේ කොටසක් මීට දින දෙකකට පෙර නිවස දෙසට කඩා වැටී තිබීම හේතුවෙන් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ අංශයේ නිලධාරින් පිරිසක් එලෙස නායයාමට ලක්වූ පස් කන්ද පරීක්ෂාවට ලක්කර මෙම නිවැසියන්ට නිවසේ තවදුරටත් රැඳී නොසිටින ඉන් ඉවත්ව සිටින ලෙස දැනුම් දී තිබූ බව වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතා පැවසීය .
එසේ දැනුම් දුන්නද ඔවුන් නිවසින් ඉවත් නොවී සිට ඇති අතර ඊයේ දිනය පුරා ද ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මෙම නිවසට ඉහලින් තිබූ පස් කන්ද අද (05) දා අලුයම 5ට පමණ නිවස මතට කඩාවැටී මෙම අනතුර සිදුව තිබිණ .
අනතුරින් නිවසේ කාමරයක නිදා සිටි මියගිය පුද්ගලයා බිත්ති මතට යට වී සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇති බවත් ඒ වන විට නිවසේ රැඳී සිටි වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය .