දුර්ලභ සන් ෆිෂ් මත්ස්‍යයෙකු මන්නාරම ධීවරයින්ට හසුවේ


මන්නාරම වලෙයිකුඩා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකට ඉතා දුර්ලභ ඝනයේ මත්ස්‍ය විශේෂයක් වූ සන් ෆිෂ් නැමති මත්ස්‍යයෙකු ඇතුලු සරු මත්ස්‍ය අස්වැන්නක් ඊයේ (22දා)  ලැබී ඇතැයි වාර්තා වෙයි.

මන්නාරම් බොක්ක ආසන්නයේ පිහිටි මෙම මුහුදු සීමාවේදී කොරල්පර විශේෂ 104 ක්, විශේෂ මුහුදු පැලෑටි 147, විවිධ වූ මසුන් වර්ග, කැස්බෑවුන් බහුලව ජීවත්වෙන අතර නම්කරන ලද එම ස්ථානයන්හි ධීවරයින් මසුන් ඇල්ලීමෙන්ද වැලකී සිටිති.

කෙසේ වෙතත් ඊයේ දින හසුවී ඇති මෙම සන් ෆිෂ් නැමති මාළු විශේෂය කුඩා මුඛයක් හා වරල් අඩුවෙන් තිබුනද ප්‍රමාණයෙන් විශාලය. ඔවුන් සාමාන්‍ය වශයෙන් මුහුදේ මීටර් 200 ත් 600 ත් අතර ගැඹුරු මුහුදේ ජීවත්වන අතර එක් මත්ස්‍යයෙකු දිනකට කිලෝමීටර් 25 ක පමණ දුරක් පිහිනීම සිදුකරන බවට වාර්ථා වෙයි.

මන්නාරම් ධීවරයින්ට හසුවුනු මෙම සන්ෆිෂ් මාළුවෙකු කිලෝ 55 ක් පමණ බරකින් යුක්ත වන බවටද අදාල මත්ස්‍යා පිළිබඳව සමුද්‍ර පර්යේෂන විශේෂඥයින්ට දැනුම් දීමටද ධීවරයින් පියවර ගෙන තිබුණු අතර එම දුර්ලබ මාලු විශේෂය දැකබලා ගැනීමටද විශාල පිරිසක් මන්නාරම් ධීවර ජැටියට පැමිණ සිටියහ.

 



Recommended Articles