දළඳා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර ගමන් අරඹයි


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ  ප්‍රථම රන්දෝලි පෙරහැර අද (21දා) දින රාත්‍රී 7. 37 ට දකුණු දිශාමුඛව ගමන් ඇරඹීය.

ප්‍රථම රන්දෝලි පෙරහැර සඳහා අලි ඇතුන් 70 ක් පමණ සහභාගි වන අතර දේශීය සංස්කෘතික අංග විශාල ප්‍රමාණයක් සහභාගි වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සධාතුක කරඬව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා  මතිනි. දැලේ ඇතුන් ලෙස  ඉන්දි  රාජා සමග කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.

ඡායාරූප චමිල් රූපසිංහ



Recommended Articles