සුදු පාලන සමයේ සිට පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කරන මහජනතාවට සිය බලය පෙන්වීම් සඳහා සැලසුම් කරන මා ර් ග පෙළපාලි සහ උත්තමාචාර පෙළපාලිය 29 දින දඹුල්ල පොලිස් ඉතිහාසයේ පළමු වතාවට 29 දින පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ දී පැවැත්විණි
දඹුල්ල මුල්ස්ථාන පොලිස් පරීක්ෂක ඊ .පී .එස් .ඩී. එම් . ඩබ්ලිව් .පි . එස් .කේ. ඇල්ලෙපොළ මහතා සහ දඹුල්ල පොලිස් නිලධාරීන් මෙම මා ර් ග පෙළපාලිය සංවිධානය කොට තිබිණි.
මාතලේ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී රුක්මල් තෙන්නකෝන් මහතා එක්ව ආචාර්ය පෙළපාලිය පිළිගනු ලැබීය.
සුදු පාලන සමයේ දී පොලිසියකට ඇති බලය පිරිස් බලය අවි බලය සහ අනෙකුත් බලයන් ජනතාව පෙන්වන ප්‍රදර්ශනාත්මක මෙම පෙළපාලිය දඹුල්ල ගම්උදාව ආසන්නයෙන් ආරම්භකොට ඒ 9 ප්‍රධාන මාර්ගයේ ගම්න් කරමින් දඹුල්ල නගර මධ්‍යයේදී ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ගෞරව ආචාර්ය කරමින් මහනුවර දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් නැවත පොලීසියට ඇතුලුවීම සිදුකෙරිණි.
පොලිසිය සතු සෑම අංශයකම කාණ්ඩ වශයෙන් මාර්ගයේ ගමන් කරමින් ආචාර්ය පෙළපාලිය සිදු කිරීම විශේෂත්වයකි. එමෙන්ම පොලිස් ජීවිතාරක්ෂක අංශයේ තුර්ය වාදක කණ්ඩායමද මේ අවස්ථාවට එක්වී සිටියහ .
පසුව පොලිස් භූමියේදී පොලිස් නිලධාරීන්ගේ අර්ධ වාර්ෂික පරීක්ෂණයය සිදුකෙරිණි. ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් බලය පෙන්වන මාර්ග පෙළපාලිය දඹුල්ල පොලිසියේ පැවැත්වීම නිසා මග දෙපස විශාල ජනතාවක් දැකබලා ගැනීම සදහා එක්ව සිටියහ.