දඹුල්ලේ එළවළු ගොඩ ගැසෙයි


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අද (21දා) ගොවීන් එළවළු රැගෙන ආවද ඒවා මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් සියයට 90% ක් පමණ නොපැමිණීම නිසා අලෙවි නොවන තත්ත්වයක් උදා වී ඇතැයි ගොවීහු පවසති.

 ඇඳිරි නීතිය පැනවීමත් සමග බොහෝ පිටපළාත් වල එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන ව්‍යාපාරිකයන් ගේ අඩුවීමත් සමග තම එළවළු අස්වැන්න අලෙවි කර ගැනීමට හැකි වී තිබෙන බව ගොවීහු පවසති.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල එළවළු තොග ප්‍රමාණයක් ලැබී තිබෙන බව වෙළෙන්දෝ ප්‍රකාශ කරති.

 එළවළු බොහොමයක මිල ගණන් ඉහළ මට්ටමක පැවති අතර මෙදින එළවළු සඳහා  මිලක් හෝ තැබීමට වෙළෙන්දකු නොමැතිවීම බරපතළ ප්‍රශ්නයක් බව ගොවීහු පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 22 පොහෝ දිනයේ වසා දැමීම සිදු වන නිසා තම අස්වැන්න පසු  දිනට හෝ විකුණා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වන බවද ඔවුන් පෙන්වා දෙති.



Recommended Articles