එළවළු වෙළඳාම සඳහා 24 දින අලුයම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 70 ඉක්මවූ ප්‍රමාණයක් ලැබී තිබෙන බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.
මධ්‍යස්ථානය 24 දින අලුයම පහට විවෘතව කිරීමත් සමග මධ්‍යම රාත්‍රියේ සිට ම එළවළු තොග ආර්ථික මධ්‍යස්ථානය ප්‍රධාන මාර්ගය දෙපස නවතා තිබිණි.
පෙරවරු වෙනතුරුම ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලොරි ඇතුලත් කරගැනීමට නොහැකි බරපතළ තත්ත්වයක් ද දැක ගැනීමට හැකිවිය පොලිසිය දැඩි පරිශ්‍රමයක් යොදමින් ආර්ථික මධ්‍යස්ථානය තුළට ගොවි නිෂ්පාදන ඇතුළත් කිරීම ආරම්භ කරනු දැක ගැනීමට හැකි විය
ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිල ද ශීඝ්‍රයෙන් මෙදින ඉහළ ගොස් තිබිණි
එළවලු මිලදී ගැනීම සඳහා ද විශාල වශයෙන් තොග ගැනුම් ව්‍යාපාරිකයන් පැමිණ සිටීම නිසා මිල ඉහළ ගිය බව ව්‍යාපාරිකයෝ පෙන්වාදෙති. ඒ අනුව කැරට් ,ලීක්ස් ,බෝංචි ,මාළුමිරිස් ආදී එළවළු කිලෝවක මිල රුපියල් 150 ඉක්මවා තිබීම විශේෂත්වයකි
පහත රට එළවළු වම්බටු ,තක්කාලි, මෑ කරල් ,කරවිල ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් එකසිය පනහේ සිට 200 දක්වා ඉහළ මිල පැවතීම විශේෂත්වයකි
එළවළු මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් මෙන්ම එළවළු අලෙවි කිරීම සඳහා ගොවීන් ද විශාල වශයෙන් පැමිණ තිබූ අතර ආර්ථික මධ්‍යස්ථානය තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන අයුරු දුටුවද මීටරයක පරතරයක් ක්‍රියාත්මක නොවන අතර සෞඛ්‍ය ආරක්ෂිතව වාහන හැසිරවීම නැවැත්වීම වෙළඳසැල් ඉදිරිපිට රැස්වී වෙළදාම් කිරීමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සහ ලබාදුන් උපදෙස් වලට සිදු නොවීම බරපතළ ප්රශ්නයකි.