පවතින ආර්ථික පීඩනය අයහපත් කාලගුණය ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇතැයි එහි සේවකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම් සියයට හැත්තෑ පහකටත් වඩා අඩුවීම එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ විශාල අඩුවක් පැවතීම එළවළු මිල ස්ථාවර නොවී පැයෙන් පැය අතිවිශාල මිල ගණන් යටතේ ඉහළ පහළ යෑම නිසා ගොවීන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් බරපතළ අර්බුදයකට මුහුණපා තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සේවකයෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමිකරුවන් මේ දිනවල ආථික මධ්‍යස්ථානය තුළ දැක ගැනීමට හෝ නොමැති බවත් ඔවුන් විවිධ වෙනත් ව්‍යාපෘති රැකියා සොයාගෙන යන බවත් බහුතරයක් දෙනා ලග්ගල මැණික් ගැරීමේට යොමු වී ඇතැයි වෙළෙඳ ප්‍රජාව පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු ලැබීම අඩු වීමත් සමග එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ අඩුවීමත් ලැබෙන එළවළු වලට ඇතැම් අවස්ථාවලදී සාධාරණ මිලක් නොලැබෙන බවද ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් මේ දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කන්ද උඩරට කැරට්, ලීක්ස් ,බීට් ,බෝංචි,මාළුමිරිස් ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 250 ත් 400 ත් අතර මිල ගණන් යටතේ අලෙවි වන බව ඔවුහු පෙන්වා දෙති.
මිට සමගාමීව පහත රට එළවළු බොහොමයක මිල ද ඉහළ ගොස් තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල හිමිකරුවන් කාලයක සිට නොපැමිණීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයෙ ද දැඩි අරාජික තත්වයට පත්වෙමින් යන බවත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් තව වසරක් යන්නට පෙර ආර්ථික මධ්‍යස්ථානය අකර්මණ්‍ය වනු ඇතැයි එහි වෙළඳ ප්‍රජාව පෙන්වා දෙති.