එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්‍රජාතන්ත්‍රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි.
ඒ සඳහා හිමි ගෞරව සම්මානය, ඉන්දියාවේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් , ඇමරිකා එක්සත් ජනපදයේ බෙවර්ලි හිල් ආර්යාව වු මුනී ඉරෝනී මහත්මිය ඇතුළු දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ මුලිකත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද දින (2) ප්‍රදානය කෙරුණි.