දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 2.3 හා 2. 4 අතර කහතුඩුව හා කොට්ටාව අතර ප්රදේශයේ දී අද 13 අළුයම කැබ් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් කිලෝමීටර් දහයක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි
සිදුවූ අනතුරෙන් වෑන් රථයේ රියදුරු සහ කැබ් රථයේ සිටි පුද්ගලයකු ප්රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය කියයි.
කොළඹ දෙසට ධාවනය තිබූ කැබ් රථයක දකුණුපස රෝදය ආපදාවට ලක් වීමෙන් අනතුරුව කැබ් රථය ආපදා තීරුවේ නතර කර තිබියදීඑම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් කැබ් රථයේ පිටුපස ගැටීමත් සමඟ වෑන් රථයේ මීටර් විස්සක් පමණ ඉදිරියට ඇදී ගොස් මාර්ගය මැද පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරෙන් වෑන් රථ රියදුරු තුවාල ලබා ඇති අතර කැබ් රථයේ සිටි පුද්ගලයකු කම්පන තත්ත්වයෙන් පසු වූ බව පොලිසිය කියයි. අද පෙරවරු 6.40ටපමණ සිදුවූ මෙම අනතුර හේතුවෙන් අනතුර සිදු වූ ස්ථානයේ සිට ගාලු දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා මංතීරුවේ වාහන ගැලනිගම දක්වා පෙළ ගැසී තිබූ බව වාහන රියදුරෝ පවසති.
මෙම අනතුර වෑන් රථ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් සිදුවී ඇතැයි පොලිසිය කියයි.