ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි බංගලාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බව නුවරඑළිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා පැවසිය.
අද (18) දින අලුයම 2 ට පමණ හටගත් ගින්නෙන් එම බංගලාවේ කොටසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.
ගින්න හටගන්නා අවස්ථාවේ එම බංගලාව භාරව මුරකරුවෙකු පමණක් සිට ඇති අතර පැතිර යමින් තිබු ගින්න නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවින ඒකකය, හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය හා කොත්මලේ පොලීසියේ නිලධාරින් එක්ව පාලනය කිරිමට සමත් වි ඇත.
ගින්නෙන් එම බංගලාවේ තිබු පැරණි ගෘහ භාණ්ඩ රැසක් විනාශ වි ඇති අතර , ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත. ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.
ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍යය දිවංගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතා දේශපාලනයට පිවිසි මුල් කාලයේදි මෙම බංගලාව මිල දි ගෙන එහි පදිංචිව සිට ඇති අතර සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතා කෙටි කාලයක් එහි පදිංචිව සිට ඇත.
ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයට පෙර සිට ඔහුගේ පුත් රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා එම බංගලාවේ අවසන් වරට පදිංචිව සිට ඇත.