තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයේදී හා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් වතුකරයේ ජනතාවට හඳුන්වාදීමේදී නිරෝධායන නීතිරීති නොතිබූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එසේ තිබියදී පසුගිය 09 වන දින පැවැත්වූ නිහඬ විරෝධතාවයට පොලීසිය ප්‍රහාර එල්ල කළ බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කළේය.
නිරෝධායන නීතිරීති පවතින්නේ සෞඛ්‍ය ආරක්ෂාවට මිස මර්දනයට නොවන බවත්, මේ නිසා භාෂණයේ නිදහස හා රැස්වීමේ අයිතිය රැක ගැනීම සඳහා සියලුමදෙනා එකතු විය යුතු බවත් ඔහු කියා සිටියේය.
නිරෝධායන නීතිවලට මුවා වී ප්රජාතන්ත්ර අයිතීන්වලට අත නොතබන ලෙස ඉල්ලා වෘත්තීය සමිති මහජන සංවිධාන විසින් අද (16දා) ලිප්ටන් වටරවුමේදී නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එහිදී කුමාර් ගුණරත්නම් මහතා මේ පිළිබඳව සඳහන් කළේය.
ඡායාරූප - ක්‍රීෂාන් රණසිංහ