තෙවැනි රන්දෝලි පෙරහර අද


මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ  තෙවන (3) රන්දෝලි පෙරහැර අද ( 12දා ) විදි සංචාරය කිරිමට නියමිතය.

පෙරහැර හත පසුවි විනාඩි දහයට ( 7.10 ) ට නිරිත දිශාමුඛව පිටත්ව දළදා වීදිය ( වෝඩ් වීදිය ) , ඊ එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය) ,හරස් වීදිය, ඩී එස් සේනානායක විදිය ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවැදිමට නියමිතය.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ  ප්‍රථම රන්දෝලි පෙරහැර පෙරේදා (10දා) ගමන් කළේය.

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩම කරන ලද්දේ  කතරගම වාසනා හස්ථියා  මතිනි. දැලේ ඇතුන් ලෙස  මියන්  රාජා සමග සිංහ රාජා ගමන් කරනු ලැබුහ.

චමිල් රූපසිංහ

 

 



Recommended Articles