තැපැල් සේවාවේ ගැටලු විසඳන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයන් අද (20දා) අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරි දින කිහිපය තුළදී මාරාන්තික උපවාසයක් දක්වා පරිවර්ථනය කරන බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
නව සේවා ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස හා ස්ථිර නොකළ සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් තැපැල් සේවකයන් සියලුම දෙනා මෙම මස 11 වැනි දින සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටී.
අදාළ ගැටලුවලට විසඳුම් නොලැබීම නිසා වැඩ වර්ජනයට අමතරව සත්යග්රහ ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බවද තැපැල් සේවකයෝ සඳහන් කරති.
ඡායාරූප ඉසුරු පෙරේරා