තායිලන්ත අගමැති පිළිගැනීම ජනපති - අගමැති ප්‍රධානත්වයෙන්


දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අගමැති ජෙනරල් ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස පිළිගැනීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (12දා) සන්ධ්‍යාවේදී පැවැත්විණි.

එහිදී තායිලන්ත අගමැතිවරයා ඇතුළු දූත පිරිස හමුදා ගෞරව සහිතව පිළිගැනුණු අතර, එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගී වූහ.

ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles