ඝාතනයට ලක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු ඊයේ (14දා) සිදුවිය.
ත්‍රි‘රෝද රථයක කල්බදු ගෙවීම පිළිබඳව සිදුවූ කතාබහක් අතරතුරදී මිරිහාන ප්‍ර‘දේශයේ පිහිටි කල්බදු සමාගමක් අසලදී ඔහු මෙලෙස ඝාතනයට ලක්විය.
මෙවර මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 04 ස්වාධීන කණ්ඩායම් නායකයා ලෙස අපේක්ෂකයෙකු වශයෙන්ද සුනිල් ජයවර්ධන මහතා ඉදිරිපත් වී තිබුණි.
ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු කැස්බෑව පොදු සුසාන භූමියේදී ඊයේ (14දා) සවස විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. එමෙන්ම ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු සිදු වූ ඊයේ දිනයේදී පැයක කාලයක් ත්‍රීරෝද රථ හිමියෝ සිය සේවා කටයුතු වලින් ඉවත් ව සිට ගෞරව දැක්වීමට ද ක්‍රියා කළහ.
ඡායාරූප - ශමිර රාජපක්ෂ