ත්‍රස්තවාදය මැඬලීමට චිනයෙන් සහාය


ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ලී ක්වැන්ග් මහතා පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා හා චීන අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (15දා) පස්වරුවේ බීජිං නුවර පැවැති හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳ සිය කනගාටුව පළ කර ඇති චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා - චීන ජනාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවේ දී එකඟ වූ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම කරුණු පිළිබඳ තමාගේ ද දැඩි අවධානයක් යොමුව තිබෙන බවයි.

එසේම  ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට චීනයෙන් ලබාදිය හැකි සහයෝගය සියලු ආකාරයෙන් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

දෙරටට අදාළ ආර්ථික සහ සංවර්ධන කරුණු රැසක් ද මෙහි දී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් සහ ගුණාත්මකභාවයෙන් යුත් නිෂ්පාදනවලට චීනයේ ඉල්ලුමක් පවතින බවත්, ඒ සඳහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට හැකියාව පවතින බවත් චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 



Recommended Articles