ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත " ෆයිසර් " එන්නත් මාත්‍රා තවත් 26,000 ක තොගයක් අද දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මුලින්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මෙම එන්නත් තොගය ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි .
ඉන්පසුව මෙම එන්නත් තොගය දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීම සිදු කෙරුණි .
ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩාව වෙත රැගෙන ගොස් තිබුණි .
ඒ අනුව මෙම එන්නත් තොගයත් සමග , ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙන්වා ඇති ෆයිසර් එන්නත් තොගය , මාත්‍රා 52,000 ක් බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .