තරංගගෙන් පැය දෙකහමාරකට ආසන්න ප්‍රකාශයක්


ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ  ඒකකය වෙත අද (01) කැඳවා තිබිණි.

ඒ, ශ‍්‍රී ලංකාව 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබඳ  ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

උපුල් තරංග එහිදී විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැය දෙකහමාරකට ආසන්න ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව පිටව ගොස් ඇත.

ජායරූප - ළහිරු හර්ෂ​න



Recommended Articles