ඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපති යයි


සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට අද (07දා) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‍ ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.

උද්ඝෝෂණය ජනාධිපති කාර්යාලය ආසන්නයේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අභියස වෙන් කර තිබු ප්‍රදේශයේ ඊයේ (06දා)  සිට පැවැත්විණි.

2017 වසරේ සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ තම සේවයට ස්ථාවර භාවයක් ලබාදෙන්නැයි  ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

බහුකාර්ය කාර්ය සාධක බලකාය මගින් ලබාදීමට අපේක්ෂිත රැකියා ලක්ෂය යටතේ 1300ක් පමණ වන මේ පිරිසට ද රැකියා සපයන බව ජනාධිපතිවරයා  පැවසීය.



Recommended Articles