ඩ්‍රෝන තාක්ෂණයෙන් පළමු වරට දියර පොහොර ඉසියි


ලංකාවේ පළමු වරට ඩ්‍රෝනා කැමරා තාක්ෂණය යොදාගෙන ගුවනේ සිට කුඹුරු යායකට  කාබනික දියර ‍පොහොර ඉසිම පිළිබඳ අත්හදා බැලිමේ වැඩසටහනක් අද (25දා) රත්ගම පන්විලදී සිදුකෙරණි.

පන්විල යායේ කුඹුරු අක්කර එකහමාරකට පමණ කාබනික දියර පොහොර ඉසිනු ලැබිය. මෙම වැඩසටහන  පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායිනික  පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගොවිජනතාවට නව තාක්ෂණික උපක්‍රම හදුන්වා දීම හා කාබනික පොහොර ගොවින් අතර ප්‍රචලිත කිරිමේ ආරමුණින් මෙම අත්හදා බැලිමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බව රාජ්‍ය ඇමති මොහාන් සිල්වා මහතා පැවසිය.

 



Recommended Articles