ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් මහ ට්රැක්ටර් සීයක් එකවර තම ශරීරය මත ගමන් කරමින් වාර්තාවක් පිහිටුවීමට පොළොන්නරුව දිඹුලාගල කජුවත්ත ගම්මානයේ, මනම්පිටිය මහවැලි ගගෙන් කුලියට වැලිගොඩ දමා ජීවත්වන තිදරු පියකු වන 36 වියැති ඩබ්ලිව්.ජී. පුෂ්පකුමාර සමරකෝන් තරුණයා සමත් විය.
පොළොන්නරුව අරලගංවිල පොල භූමියේ 31 වෙනිදා වාර්තාව පිහිටවු ඔහු විනාඩි තිස් අටයි,තත්පර හතලිස් හයක් තුල මහ ට්රැක්ටර් සීයක් තම ශරීරය මත ගමන් කරවමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත් වූ බව සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයේ ප්රධාන විනිසුරු සනත් බණ්ඩාර මහතා නිල වශයෙන් ප්රකාශ කළේය.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙ වාර්තාව පිහිටවූ ඩබ්ලිව්. ජී පුෂ්පකුමාර සමරකෝන් තමන් සතුව තිබූ යතුරු පැදිය පවා උකස්කර, බසයෙන් ගොස් මනම්පිටිය මහවැලි ගගේ කුලියට වැලි වැලිගොඩ දමා ජීවත් වූ තරුණයෙකි.
කිසියම් පුද්ගලයකු මෙම වාර්තාව කඩන්නේනම් එම වාර්තාව කැඩීමට ගන්නා ට්රැක්ටර් ප්රමාණය දෙගුණ කරමින් තමන්ගේ ශරීරය මත ධාවනය කරමින් එම ලෝක වාර්තාවද කැඩීමට තමා ඉදිරිපත් වන බව සමරකෝන් මහතා කීවේය'
මනම්පිටිය නිමල් ජයරත්න