“පුරාවස්තු කියන දේ ඔගොල්ලන්ගේ පරම්පරාවට විතරක් අයිති දෙයක් නෙවෙයි. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් හැම දරුවෙකුගේම උරුමයක් ඒක තේරුණාද. අද ඒ උරුමය කවුරු හරි මෝඩයෙක් වහල දානවා නම් ඒ වහල දාන්නේ අනාගතේ දරුවන්ගේ උරුමේ. අපි මැදිහත් වෙන්නේ එතනට” යැයි ගලබොඩවත්තේ ඥාණසාර හිමියන් මාවනැල්ල ඓතිහාසික දෙවනගල පූජා භූමිය නිරික්ෂණයකට එක් වෙමින් එම ප්‍රදේශයේ ජනතාව අමතා පසුගිය 03 වැනි දින පැවසිය.
ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ මැනුම් කටයුතු රජය විසින් සිදු කරන ලද අවස්ථාවේ රජයේ නිතීයට අවනත නොවි ඉදිකිරිම් කටයුතු මෙන්ම ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය මාවනැල්ල ප්‍රාදේශිය මාධ්යවාර්තාකරුවෙකුට එල්ල වු සහසික ප්‍රහාරය පිළිබඳව මෙන්ම දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ට එම දිනයේදීම විවිධ වු හිංසා කටයුතු කරමින් කරන ලද කටයුතු ගැන රටේහිම අවධානය යොමු වීමත් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ දෙවනගල වෙත වැඩම කළේය.
මුලින්ම විහාරස්ථානයට වැඩම කරන ලද හිමියන් පූජා භූමිය නිරික්ෂණයට එක් වු අතර අනවසර ඉදිකිරිම් මෙන්ම දෙවනගල ප්‍රධාන පිවිසුමේ සිදු වි පුරා විද්යාත්ම හානිය මෙන්ම විනාශ වු සඳකඩ පහන තිබු ස්ථානය නිරික්ෂණයට ද එක් විය.
“මොකක්වත් මෙතන ප්‍රශ්නයක් නැහැ පූජා භූමිය මැන ගන්න ඉඩ දෙන්න ඕන. තමුන්නාන්සේලාගේ අයිතිවාසිකම් තියනවා නම් ඒක කියලා ඉල්ල ගන්න පුලූවන්. නිකන් බොරු හොර ඔප්පු හදාගෙන එක එකාගේ හයිය අරගෙන ඒවට ලෑස්ති වෙන්න එපා.
අනවශ්‍ය ප්‍රශ්න දාගෙන ලේ හලාගෙන මේවා විසදන්න බැහැ. මේවා මොන දෙයින් වසා ගෙන හිටියත් මේවගේ තියනවා ඇත්ත කියලා දෙයක්. සිංහල මිනිහත් ජීවත් වෙන්න ඕනෑ, මුස්ලිම් මිනිහත් ජීවත් වෙන්න ඕනෑ, ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුවත් මැරෙනකොට මේවා අරන් යන්නේ නැනේ. හැබැයි පුරාවස්තු කියලා දෙයක් තියෙනවා නම් ඒක රැකෙන්න ඕනෑ.
පුරාවස්තු කියන දේ ඔගොල්ලන්ගේ පරම්පරාවට විතරක් අයිති දෙයක් නෙවෙයි. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් හැම දරුවෙකුගේම උරුමයක් ඒක තේරුනාද. අද ඒ උරුමය කවුරු හරි මෝඩයෙක් වහල දානවා නම් ඒ වහල දාන්නේ අනාගතේ දරුවන්ගේ උරුමේ. අපි මැදිහත් වෙන්නේ එතෙන්ට.
එතකොට මේක පූජාභූමියක් විදියට රැකුනහොත් මුස්ලිම් දරුවෙක් හරි කඩල ගොට්ටක් විකුණගෙන ජීවත් වෙයි. ඒකයි රැකෙන්න ඕනෑ. අපි මේ මැදිහත් වෙන්නේ ඒකට. උරුමය කියන එක වලලන්න බැහැ. ඒ උරුමය හැම දරුවෙක්ගෙම උරුමයි. ඒක සිංහල අපේ විතරක් නෙවෙයි. සිංහල,දෙමළ, මුස්ලිම් හැම දරුවෙකුගෙන උරුමයක් පුරාවස්තු කියල කියන්නේ.
ඒ නිසා තමා පුරාවිද්‍යාව කියල දෙයක් පත් කරල තියෙන්නේ. ඒ නීතියට අනුගත වෙන්නේ නැත්නම් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැත්තම් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලීසියේ අය බය නම් නීතිය අතට අරගෙන හරි අපි ඒක ක්‍රියාත්මක කරනවා. මොකද මේක අපේ උරුමය. හැබැයි ඒ උරුමය අපේ කියලා අනිත් අයට ඉන්න බැහැ කියල එකක් නැහැ. ඒකට බාධා කරනවා නම් සමූපකාර ක්‍රමයට සලකන්නත් අපි දන්නවා. බයත් නැහැ. ඒ නිසා ඒකට කරුණාකරලා ඉඩ දෙන්න ඕනෑ.
මේ ඓතිහාසික දෙවනගල කියන්නේ අද ඊයේ ඉදල තියෙන දෙයක් නොවෙයි සෑහෙන්න කාලයක් තිස්සේ අපේ උපාධි වලට පවා ඉගෙන ගන්න පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත බිමක්. මෙහි සෙල්ලිපිය ඉතා වැදගත්. පූජා භූමියට ගොඩ වන ස්ථානය පවා වහලා තියෙනවා පෙනවානේ.
දැන් මේ යන්න තියන තැන වහල තියනවා ඇයි එහෙම කරන්නේ. ඔගොල්ලන් පරම්පරාවක් දෙකක් ජීවත් වෙන්න ඇති. නමුත් කවදා හරි මේ ඇත්තට මුහුණ දෙන්න වෙනවා. අපි ඒක සාමූහිකව කතා කර යුතුයි. අපිට අනුන්ගේ දෙයකට කොච්චර කල් අල්ලාගෙන හිටියත් අයිතිවාසිකම් කියන්න බැහැනේ.
ඔයගොල්ලොත් සාමුහිකව ප්‍රශ්නයක් තියනවා නම් ඒ ප්‍රශ්නෙ මුල හොයන්න ඕනෑ ඒ මුල හොයලා ඒකට උත්තරයක් හොයා ගන්න එක වෙනම දෙයක්. හැබැයි ඒක බොරුවෙන් වහගෙන බයිපොස් එකෙන්, අරහෙන් මෙහෙන් කතන්දර ඒකට ඉඩදෙන්න බැහැ. ඒ යුගය ඉවරයි. අද ඔයගොල්ලෝ මේ මහන්සි වෙනවා වගේ ඊලග පරම්පරාවේ දරුවන්ටත් මේ ප්‍රශනේ ඉතුරු කරන්න එපා. උන් ඉන්න එපැයි මේකෙ සන්තෝසෙන්.
සිංහල මිනිහත් එක්ක හිනා වෙන්න ඕන. කතා බහ කරන්න ඕනෑ. ඒක නැති වෙනවනේ මේ විරසකෙත් එක්ක. අනවශ්‍ය ප්‍රශ්න හදා ගන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න හදාගෙන අවසානෙදි මහ ගැටුම් දක්වා පත් වෙනවා. අවසානෙදි මේවා ලේ වලින් විසදෙන්නේ. ලේ වලින් ප්‍රශ්න විසඳන්න බැහැ. දැන් මේ දෙවනගල සම්බන්ධයෙන් මුලූ රටම අවදියෙන් ඉන්නේ. තේරුනාද. මැනුම් කටයුතු කරන්නේ අපි නෙවෙයිනේ. ඒකට තියනවා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එතකොට ඒ ගොල්ලො ඇවිල්ලා මනිනවා නම් ඒ මනින්න ඉඩ දෙන්න ඕනෑ එතකොට මනින අතරවාරයේදී කවුරු හරි ගිහිල්ලා ආපහු ආපහු ගල් ඇදලා කම්බි ඇදලා ලහි ලහියේ විල්පත්තුවේ කරා වගේ ඉදිකිරීම් කරනවා නම් ඒකට ඉඩ දෙන්න බැහැනේ. ඒක නවත්තන්න ඕනේ.
ඒක පල්ලියේ කවුරුහරි ඕගොල්ලෝ සාමුහිකව මැදිහත් වෙලා කියන්න මේක නවත්තන්න. නවත්තලා මොනවා හරි මැනුම් කටයුතු කරලා නීත්‍යානුකූලව ඒක මේ මිනිස්සුන්ට අයිති කියල එනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා ඉස්සල්ලා මේක මනින්න. මැන්නහම පෙනෙයි කොච්චර අක්කර ප්‍රමාණයක් තියනවද අනවසරෙන් හරි නැතුව හරි අවසර ඇතුව හරි කීදෙනෙක් ඉන්නවද මේ ඔක්කොම මොකක් හරි එකලැස් කර ගන්න එපයි. මේ මොහොකට වත් ඉඩ දෙන්නේ නැහැනේ.
සමහර වෙලාවට ඔගොල්ලන්ගේ සීයලා, ආච්චිලා පරම්පරා තුන හතරක් මේකෙ ඉන්න ඇති. ඒක ඇත්ත. ඒක නිහතමානීව පිලි අරගෙන උන්වහන්සේට කියනවා නම් රටේ බෞද්ධ ජනතාව කියනවා නම් අපිට මේක පූජා භුමියක් හැටියට තිබිය යුතුයි. කියලා එහෙනම් මේ මිනිස්සු පදිංචි වෙලා ඉන්න තැනින් ඉවත් කරනවා නම් මොකක්ද ඒකට යොදන වැඩපිළිවෙල පර්චස් විස්සක හිටපු මිනිහට තව කොච්චරක් හරි ඉඩම් ටිකක් දීලා ඒ මිනිහව කොහෙද පදිංචි කරන්නේ මොකක් හරි ක්‍රම වේදයක් හදා ගන්න එපැයි. මේ හැම දේකටම ගිහිල්ලා මේක අපේ අපේ කියලා අල්ලගත්තට පස්සේ මේකෙ ඇත්ත හොයා ගන්න බැහැනේ.
ඊලගට මේ ආණ්ඩුව එයි වෙන ආණ්ඩුයක් එයි. ඔගොල්ලන්ගේ දරු පැටැව් එයි අපෙත් එයි. හැමදාම මේක බයෙන් පීඩනෙන් මොකටද ? මැරෙනවනේ අපි. මේක ඉවර කරන්න ඕනි. මේක ඉවර කරන්න බැහැ මූලික හේතුව නොදැන. දැන් ඕගොල්ලො ගිහිල්ලා බලන්න අර පුරාවිද්‍යා ගල් ටික ගලවලා දාල තියනවා. දැන් මේ මේකෙ වර්තමාන තත්වෙනේ. මේක මෙහෙම නෙවෙයිනේ තිබුනේ දහස් ගණනක් වන්දනා මාන කරපු තැනක්නේ?
ඒ මැනුම් කටයුතු ඉවර වෙනකන් අනවසර ඉදිකිරීම් කරන්න යන්න එපා. ඒක වැරදි. මැනුම් කටයුතු කරලා නීත්‍යානුකූලව ඔප්පු තිරප්පු බලලා පත්තිරු බලලා මේක මෙතන තිබුනද නැද්ද? ඔප්පු කොහොමද? ආවේ ඒක අයිති නම් හදා ගන්න අපිත් උදව් කරන්නම්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි න්යෙතිකව මේක කරන්න එපා කියල තියෙද්දී පොලීසිය එන්න හදදී එන්න දෙන්න නැත්තම් මැනුම් කටයුතු කරන්න එද්දී ඒකට ඉඩ දෙන්නේ නැත්නම් ප්‍රශ්නයක්නේ අපි කවුද මේකේ එතන්ට වැටෙනන්න දෙන්න හොද නැහැ. ඊට පස්සේ මිනිස්සු ආවේග වෙලා ඊට පස්සේ කෝලාහාල ඇතිවෙනවා.
මම උදාහරණයකට කියන්නම් අපේ පන්සලක් තියනවා සංඛපාල ඇඹිලිපිටියේ අක්කර දොලොස්දාහක් තියනවා පන්සලට ඒක දීලා තියෙන්නේ ගල උඩට ගිහිල්ලා හක්ගෙඩිය පිඹලා කොච්චර ඈතට ඇහෙනවද ඒ තාක් පන්සලට කියල තමා දීල තියෙන්නේ. හැබැයි ඒ පූජා භූමියේ මිනිස්සු දහස් ගාණක් ජීවත් වෙනවා ඒ මිනිස්සු පිලිගන්නවා අපි ඉන්නේ පන්සල් භුමියේ කියලා. ඒ නිහතමානී කම වත් තියෙන්න එපැයි. අපි මේ ඉන්නේ පන්සල් භූමියේ මොකක් හරි විය යුත්තක් තියේ නම් ඒක දීලා සාධාරණත්වයක් තියෙන්න එපැයි.
මෙතන මොන මොන හරි ඔප්පු කෑලි ටිකක් හදාගන්නවා අපි දන්නවනේ ඔප්පු හදන හැටි මේක මේ අමුතු කතාවක් නෙවෙයිනේ. කරුණාකරලා අර ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මේ මිනිස්සු ඇවිස්සෙනවනේ. මේක මැනුම් කටයුතු සිදුකෙරෙනකන් ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මැනුම් කටයුතු සිදු කෙරෙනකන් ඉදි කිරීම් කරන්නේ නැතුව පාඩුවේ ඉන්න. දැන් අපිට බැලූ බැල්මට පේනවනේ සමහර ඉදි කිරීම් කරලා තියනවා” යැයි පැවැසූහ.
ජායාරූප හා සටහන මාවනැල්ල හෙම්මාතගම විජය බණ්ඩාර