ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට වඩම්මවති


බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා ජාලයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාර රෝහලට වැඩමකරවනු ලැබීය.

බන්ධනාගාර ගිලන් රථයකින් උන්වහන්සේ බන්ධනාගාර රෝහලට වැඩමකරවනු ලැබුවේ ස්වාමින් වහන්සේලාගේ පිරිත් සච්ඡාගායනා මධ්‍යයේය.

උන්වහන්සේ ශල්‍ය කර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මුහුණ දුන්හ. 

ක්‍රිෂාන් රණසිංහ

 

 



Recommended Articles