ජේ.ආර් ජයවර්ධන මහතාගේ 113 වැනි ගුණානුස්මරණය සැමරේ


“විධායක ජනාධිපති ක්‍රමය කවදාවත් අහෝසි වන්නේ නෑ”  යැයි පැවසූ ජේ.ආර්. ජයවර්ධන මහතා එය අහෝසි වන දින වඩා සතුටට පත් වනු ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ කොළඹ, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේදී අද (17දා) සවස පැවති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 113 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.

දැහැමි, පිරිසුදු දෑත් ඇති ජේ.ආර්. ජයවර්ධන මහතා කිසිදු විටෙක දූෂණයට ඉඩ නොතැබූ බවද එහිදී කී කතානායකවරයා නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් නෑදැයන් හෝ  මිතුරන් නොසලකා නීතිය තදින්ම ක්‍රියාත්මක කළ  බවද පවසා සිටියේය.

 ඡායාරූප -  ශමිර රාජපක්ෂ



Recommended Articles