ජීවිතය අයදින උනාවේලිය මිනිසුන්


කිසිදු මුලික පහසුකමක් නොමැතිව තම ජීවිතය අන්ත අසරණව ගෙවන පුත්තලම මදුරන්කුලිය උනාවේලිය ජනතාව වෙත බලධාරින්ගේ ඇස යොමු කරන්නැයි මොවුහු ඉල්ලති.

පවුල් 40කට ආසන්න සංඛ්‍යාවක කුඩා දරුවන් ද සමග 85කට  ආසන්න පිරිසක් මෙම ගම්මානයේ කිසිදු මුලික පහසුකමක් නොමැතිව දිවි ගෙවන්නේ කිසිදු වගකිව යුතු බලධාරියකුගේ නිසි අවධානයක් නොමැති කමිනි.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් 609 මදුරන්කුලිය ග්‍රාම නිලධාරි වසමේ උනාවේලිය ප්‍රදේශයේ පොල් අතු වලින් අහුරා ඇති  පැල්පත් තුළ  දිවිගෙවන මේ මිනිසුන් මෙම ගම්මානයට පැමිණ  දැනට වසර කිහිපයක් බව ඔවුහු  පවසති.

මේ ගම්මානයේ වාසය කරන සියලුම දෙනා මෙයට පෙර කිසිම තැනක බිම් කඩක් හිමිවි නොතිබු අවට පොල් ඉඩම් වල සේවය කල වතු කම්කරුවන් සේම කොහු මොල් වල පවුල් පිටින් නැවති රැකියාවන් කල කුලි  කම්කරුවන් බව පැවසේ.

මේ ගම්මානයේ දිවි ගෙවන මනෝරි දිපිකා මහත්මිය එක්දරු මවකි. මේ ඇගේ හඬයි.

“ අපිට ඉන්න තැනක් නැහැ .ඒ නිසා මේ ඉඩම ලැබුණේ  පිනකට . යාන්තම් අතේ තිබුණ මුදලින් පොල් අතු වලින් පුංචි ගේ පොඩ්ඩක් හදා ගත්තාට කිසිම පහසුකමක් නැහැ .මුලික දේ වලින් වැසිකිලි ගැන කථා කරලා වැඩක් නැහැ. මේ ගම්මානයේ පදිංචි පිරිමි නම් කැලැවකට හරි යයි කියන්නකෝ ගෑනු අපි අන්ත අසරණයි . බිමට තියා කිසිම දෙයකට වතුර ටිකක් නැහැ. අනේ අපි කියන්නේ අපි දිහා බලලා අපිට පිහිට වෙන්න කියලා යැයි ඇය පවසන්නට වුවාය.

මෙහිදි අදහස් දැක්වු ගම්මානයේ  පදිංචි ඩි.ඒ.  ඇන් බ්‍රිජට් මහත්මිය මෙසේ අදහස් දක්වන්නට විය .

“ මේ ගම්මානයේ පදිංචි වි සිටින කිසිම අයෙකුට කිසිම තැනක ගෙයක් දොරක් ඉඩමක් නැති අය. කොහු මෝල් වල පොල් ඉඩම් වල රස්සා කරපු උදවිය. අපිට ඉන්න හිටින්න තැනක් නැති නිසා මේ ඉඩම ලැබුණා . දැන් අවුරුදු හතරක ඉදලා අපි කිසිම පහසුකමක් නැතිව දුක් විදිනවා . මේ ඉඩම  වැව් රක්ෂිතයක් කියලා චෝදනා කරනවා. නමුත් කිසිම දවසක මේ වැව යටතේ කුඹුරු වගා කරලා නැති නිසයි මේ ඉඩම අපිට ගෙවල් සකස් කරගන්න හිටපු පළාත් සභා මන්ත්‍රි ඉනෝක් තුෂාර මහත්තයා එක්ක මැදිහත් වෙලා තමයි ලැබුණේ.  එතුමාට ඇත්තටම පිනක් යන්න එන්න නැති අපිට මේ  තැන  ලබා දිම ගැන යැයි ඇය පැවසුවාය.

උනාවේලිය ගම්මානයේ  පදිංචි පාසල් යන දැරියක් වන තිළිණි මධුශිකා මෙසේ අදහස් දක්වන්නට විය.

“ අපි පාසල් යන දරුවන් කියන්න දුකයි. අපිට කිසිම පහසුකමක් නැහැ . පාඩම් කරන්නේ කුප්පි ලාම්පුවෙන් ඒත් වැසිකිලි නැහැ. කිසිම දෙයකට වතුර ටිකක් නැහැ . අඩුම තරමින් මේ ගම්මානයට එන පාරත් මඩ වලවල් . ඒ තරමට අපි අසරණ වෙලා යැයි ඇය පවසන්නට වුවාය .

මේ පිළිබඳව කළ විමසිමේදි මුන්දලම ප්‍රදේශීය ලේකම් විජානි වසන්තිකා මහත්මිය  කල විමසිමේදි  පවසා සිටියේ.

“මේ ජනතාව ගැන ගැටලු රැසක් වාර්තා වි තිබෙනවා. පසුගිය ගංවතුර තත්ත්වය හමුවේ දි පවා මේ පිරිසට සහන සලසා දිමට කටයුතු කලා. නමුත් පදිංචිවි  සිටින භූමිය මට අයිති නැති නිසා ඒ පිළිබඳව විශේෂ ක්‍රියා මාර්ගයක් ගන්න බැරි වෙලා තිබෙනවා” යැයි  ඇය පැවසුවාය.

 



Recommended Articles