බත්තරමුල්ලේ ජාතික සඳුන් උයන ජනතා අයිතියට පත්කිරීම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (20දා) දින සිදු කෙරේ.
මෙය රජ දවසින් පසු රාජ්‍ය අනුග‍්‍රහය ලැබ ඉදිවන ප‍්‍රථම ජාතික සඳුන් උයන බව රජය නිවේදනය කරයි.
2020 වර්ෂයේ ජූලි මස 20 වන දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් යටතේ මෙම ජාතික සඳුන් උයනෙහි ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව ආරම්භ කෙරිණ.
රට තුළ සංවර්ධනය කළ යුතු ප‍්‍රදේශ හදුනාගනිමින් යටිතල පහසුකම් සහිතව හරිත කළාප ඇතිකිරීමේ වැඩ පිළිවෙලේ එක් සංධිස්ථානයක් වශයෙන් මෙම ජාතික සඳුන් උයන සනිටුහන් කරයි.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 09 ක් වූ ඉතා ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් ඉඩමක්, ලාභයකින් තොරව ජනතාව වෙනුවෙන් යෙදවීම හරිත සංකල්පයේ සාර්ථකත්වයට උදාහරණ සපයයි.
අදියර 02 ක් යටතේ ක‍්‍රියාත්මක වූ ජාතික සඳුන් උයන රුපියල් මිලියන 294 ක් වැයකරමින් ඉදිවූවකි.
නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත, ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.
ජාතික සඳුන් උයන ශ‍්‍රී ලංකාවේ අති දුර්ලභ වටිනා රත් හදුන් ශාඛ 300 කින් සහ සුදු හදුන් ශාඛ 900 කින් සමන්විත වෙයි. උයනේ රෝපිත ශාඛ වඩාත් ආරක්ෂාවීම සඳහා පොළව මට්ටමේ සිට අඩි 02 ක් පමණ උස පස් පීඨිකාවක පැළ සිටුවා තිබීම මෙහි විශේෂත්වයකි. එසේම, පසේ තෙතමනය රදවා තබා ගැනීම සහ පැළවලට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා මුගුණුවැන්න පැළ වගාකර ඇත.
වෙනස්ම ආකාරයේ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වන ජාතික සඳුන් උයනට ඇතුලූවිය යුත්තේ විශාල ජල පොකුණු දෙකක් මැදිනි. මෙම පොකුණු දෙක ජල ලීටර් ලක්ෂ දෙකකින් සමන්විතයි.
පොකුණු දෙක මැදින් තැනූ උස් වේදිකාවක ප‍්‍රවේශ මාර්ගය පිහිටා තිබේ. එම මග දෙපස මදක් ඉහළ බිත්ති 08 ක් බැද තිබේ. එම බිත්ති මතින් නිරන්තරයෙන් ඇද හැලෙන ජල ධාරා දිය ඇල්ලක සිරිය මවයි.
ඉන් අනතුරුව දෙපස වර්ණවත් වන්නේ මල් ගොමු දෙකකිනි. එය පරිසරය සම`ග බද්ධවන සිසිල් ආලෝකයකින් යුක්ත වේ. විවිධ රටා මවන ස්වයංක‍්‍රීය වතුර මල් රැසක් ද මෙහි පිහිටුවා තිබේ. කුඩා පොකුණු 12 කින් යුත් ප‍්‍රදේශයක් දක්නට ලැබේ. මෙහි ඇති එළිමහන් රංග පීඨය අතීත රංග පීඨවල සිරිය මවයි.
ජාතික සඳුන් උයන නිදහස, විවේකය, හුදෙකලාව, විනෝදය සහ විවිධත්වය මෙන් ම තම සිත කැමති පරිසරය, යහපත් ක‍්‍රියාවන්, අවස්ථාවන් සඳහා ඊට ගැළැපෙන අයුරින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
ව්‍යායාම කිරීම, යෝග වැඩසටහන් පැවැත්වීම, විවිධ භාවනා වැඩසටහන් කිරිමට ඉතා සුදුසු පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබේ. හුදෙකලාභාවය අගයන්නන්ට මෙන් ම නිදහසේ කතාබහ කිරීම්වලටද, පවුලේ සාමාජිකයින්ට විවේකීව නිදහසේ ගත කිරීමට ද මෙම ජාතික සඳුන් උයන ඉතා විචිත‍්‍ර තෝතැන්නක් වේ.
වෙනස් වූ විවිධත්වය අගයන්නන්ටසේම, සරල සහ ගැඹුරු පර්යේෂණ කරන්නන්ට තමන් සොයන නිදහස් මතයන්ට සහ පර්යේෂණවලට පිවිසීමට ජාතික සඳුන් උයනෙන් අවස්ථාව හිමිවේ.
සඳුන් උයනට පැමිණෙන්නන්ට අවශ්‍ය පහසුකම් අතර වාහන 60 ක් නැවත්වීමට හැකි විවෘත රථගාලක්, සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, පිරිසිදු ආහාර පාන ලබා ගැනීම සඳහා වන අවන්හල් මෙහි දී හිමිවන පහසුකම්වලින් කිහිපයකි.
සඳුන් තෙල් ලොව මිල අධිකම තෙල් වර්ගය ලෙස පිළිගැනීමට ලක්වී තිබේ. ඒ අතරින් ඉන්දියානු සඳුන් තෙල් සැන්ටලෝල් නම් වටිනා ගුණාංගයකින් යුක්තවීම මත ඉහළ මිලකට එම තෙල් අලෙවි වෙයි.
සඳුන් තෙල් මෘදුය. උණුසුම් ය. සිසිල් ය, කිරි ගතියෙන් යුක්තයි. හින්දු ආගමේ ශිව දෙවි වන්දනාවට සහ ජෛන ආගමේ පූජනීය වස්තුවක් ලෙස සලකන සඳුන් ගසෙහි, ලක්ෂ්මි දේවිය වැඩ වසන බව බැතිමතුන්ගේ විශ්වාසයයි.
රජ දවස රාජ්‍ය අනුග‍්‍රහය ලැබ උයන් ඉදිවූවාට පසු, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට රාජ්‍ය අනුග‍්‍රහය ලැබ ඉඳිවූ ජාතික සඳුන් උයන මෙය බව අමාත්‍යාංශය පවසයි.
ජාතික සඳුන් උයනේ ව්‍යාපෘති සැලසුම් වාස්තු විද්‍යානුකූලව, නිර්මාණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණය හා මූල්‍ය දායකත්වය නාගරික සංවර්ධන අධිකාරියේ, පරිසර හා භූ දර්ශන අංශය විසින් සිදුකර තිබේ.
හෙට දින ජනතා සුබසෙත වෙනුවෙන් රජයෙන් ජනතාවට පරිත්‍යාග කෙරෙන ජාතික සඳුන් උයනේ ශාඛ සිටුවීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා යුධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය විසින් සිදු කර ඇති අතර, භූ දර්ශන හා ගෘහ නිර්මාණ සැලසුම්, සහකාර අධ්‍යක්ෂ කෝසලා තෙන්නකෝන් මහත්මිය විසින් සිදු කර තිබේ. ඒ පරිසර හා භු දර්ශන අධ්‍යක්ෂ චාන්දනා කලූපහන මහත්මියගේ මෙහෙයවීම මතයි.