ජාත්‍යන්තරයට ගිය අපේ Mutton


ශ්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක  තරුණයා විසින්  තිර රචනය කර අධ්‍යක්ෂණය කරනු ලැබූ “මට්න්” (Mutton) කෙටි චිත්‍රපටය  තුර්කියේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර  සිනමා ශිෂ්‍ය කෙටි චිත්‍රපටි උළෙලේදී ජයග්‍රහණය ලබා තිබේ.

ගාල්ල කිතුලම්පිටියේ පදිංචි, කැළණිය විශ්වවිද්‍යාලයේ  සිනමාව හා රූපවාහිනී අධ්‍යාපනය පිළිබඳ උපාධිය හිමිකරගෙන ඇති  හසන්ත දිසානායක, එහි අවසන් වසරේ නිර්මානය සදහා මට්න් නම් කෙටි චිත්‍රපටය නිර්මාණය කර තිබේ.

මෙය විනාඩි 12ක කෙටි චිත්‍රපටියකි. ප්‍රකට නවකතාකරුවෙකු වන  රෝලඩ් ඩාල් විසින් රචිත  ලැම්බි ටු ද  ස්ලෝටර් නම් නව කතාව ඇසුරෙන් හසන්ත දිසානායක විසින් මෙම  කෙටි චිත්‍රපටය නිර්මාණය කර තිබේ.

රටවල්  197ක  නිර්මාණ 7000ක් අතුරින්  හසන්ත දිසානායක තරුණ සිනමාවේදියගේ මෙම කෙටි චිත්‍රපටය ජයග්‍රහණය කිරිම  විශේෂත්වයකි.

 මෙම කෙටි චිත්‍රපටය භුතානයේ  ඩ්රක් ජාත්‍යන්තර් චිත්‍රපටි උළෙල, ඉරානයේ  මුවින්, ඉන්දියාවේ මැද්‍රාස් ස්වාධින,  නයිජිරියාවේ  බයෙල්සා යන චිත්‍රපටි උළෙලවල් සදහා  ඉදිරිපත්කොට ඇගයිමට පාත්‍රවි ඇති බව හසන්ත දිසානායක කියයි.

හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්

 



Recommended Articles